ලංගම සහ පෞද්ගලික අවම බස් ගාස්තුව රුපියල් 3කින් ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.
එම තීරණය ලබන බදාදා සිට ක්‍රියාත්මක වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
“අවම ගාස්තුව රුපියල් 3කින් ඉහළ යනවා. ඒ අනුව ජාතික ගමනාගමන කොමිසම සෑම මාර්ගයකම දුර ප්‍රමාණය අනුව අය කළ යුතු ගාස්තුව ලබන 3වනදා හෝ 4 වනදා දැනුම්දෙයි.”
“මේකත් ආසනගත මගීන් ප්‍රවාහනය කිරීමේ ගාස්තුව. හිටගෙන මගීන් ප්‍රවාහනය කිරීමට තවදුරටත් අවසර නෑ.”
“නුවර – කොළඹ මාර්ගයේ සාමාන්‍ය ටිකට් පත රුපියල් 37කින් වැඩි වෙනවා.”
“කොළඹ – මාතර රුපියල් 46කින්, කොළඹ – අනුරාධපුරය රුපියල් 64කින් වැඩි වෙනවා.”
“මේ වැඩිවීම අපිට 17%ක වගේ තැනකින් නතර කරන්න පුළුවන් වුණා.”
“ආසනගත නොවන ගාස්තුව තවම තියෙන්නේ රුපියල් 12යි. නමුත් ඒකට අවසර නෑ තවම.”
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති