ආසන සංඛ්‍යාවට මගීන් රැගෙන යාමෙන් කොවිඩ් අවදානම වැඩිවන බැවින් යම් හෙයකින් මගියකුට කොවිඩ් 19 ආසාදනය වුවහොත් එහි වගකීම විෂය භාර ඇමැතිවරයා භාරගත යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.
ආසන ගණනට මගීන් රැගෙන යාමේදී වුවද මගීන් ස්පර්ශ වන බැවින් බස් රථය තුළ දුරස්ථභාවය පවත්වා ගනිමින් මගීන් රැගෙන යා යුතු බව හෙතෙම සඳහන් කළේය.
ඒ අනුව ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව රජය සැබෑවටම සිතන්නේ නම් ආසන සංඛ්‍යාවට වඩා අඩු මගීන් සංඛ්‍යාවක් ප්‍රවාහනය කළ යුතු බවත් බස් හිමියන්ට ඒ වෙනුවෙන් සාධාරණ මුදලක් අය කිරීමට ඉඩ දිය යුතු බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්