ගාසා තීරයේ Rafah ප්‍රදේශය වෙත ඊශ්‍රායලය මෑතකදී දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. ඒ පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක අද(13) පැවසුවේ Rafah ප්‍රදේශයේ තත්ත්වය කෙරෙහි චීනය වැඩි අවධානයක් යොමු කරන බවයි. සිවිල් වැසියන්ට හානි සිදු කිරීම හා ජාත්‍යන්තර නීතියට විරුද්ධ වන සියලු ක්‍රියාවන්ට චීනය විරෝධය පළ කරයි. සිවිල් වැසියන්ගේ ජීවිතවලට හානි සිදු වීම හා Rafah ප්‍රදේශයේ වඩාත් බරපතල මානුෂීය ව්‍යසනයන් වැළැක්වීම වෙනුවෙන් යුධ මෙහෙයුම වහාම නතර කරන ලෙස චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටී.
බරපතල මානුෂීය ව්‍යසන වැළැක්වීමට යුධ මෙහෙයුම වහාම නතර කරන ලෙස චීනයෙන් ඉල්ලීමක්

More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ