‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමේ අරමුණින් ඉතාලියට ගොස් සිටින ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් වතිකානයේ දී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් හමුවිය.
ධවල මන්දිරය ප්‍රකාශ කළේ එය පෞද්ගලික හමුවක් බවය.
ඇමෙරිකන් ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් ද වතිකානයට ගිය බව වාර්තා වේ.
පෞද්ගලික හමුව මිනිත්තු 90 ක් තිස්සේ පැවැත්වුණු බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
බයිඩන්, රෝමානු කතෝලික බැතිමතෙකි. එහෙයින්, පාප්තුමන් හමුවීම ඔහුට සුවිශේෂී අවස්ථාවක් විය. ජෝ බයිඩන් ඇමෙරිකන් ජනාධිපතිවරයා ලෙස පාප්තුමන් හමුවුණු පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්