මීගමුව බන්ධනාගාර තාප්පයට ඉහළින් හෙරෝයින් ඇතුළු තහනම් ද්‍රව්‍ය විසිකළ පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී අත්අඩංගුවට ගත් රුක්ෂාන් නිලංග නම් තිස් එක් හැවිරිදි සැකකරු මෙම සිද්ධියේ ප්‍රධාන ජාවාරම්කරු බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් 07 දෙනා අතර කාන්තාවන් දෙදෙනෙකු ද සිටිනවා.
ඉන් එක් තරුණියක් 21 හැවිරිදි චලනි භාග්‍යා නම් කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර අනෙක් සැකකාරිය දිලිනි සිතාරා නම් 28 හැවිරිදි මීගමුව ප්‍රදේශයේම පදිංචිකාරියක් බව සඳහන්.
ඊයේ දිනයේදී ඔවුන්ගේ නිවාස පරීක්ෂා කිරීමේදී හෙරෝයින් ග්‍රෑම් 127 ක්, කේරළ ගංජා කිලෝ 04 ක් හා මත්පෙති 300 ක් සොයාගෙන තිබෙනවා.
සැකකරුවන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්