බන්ධනාගාරවල සිටින ජේලර් සහ ගාඞ්වරුන්ගේ වත්කම් සොයා බැලීමට රජය තීරණය කර ඇත.
ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ට සුපිරි නිවාස, මහල් නිවාස සහ සුපිරි මෝටර් රථද ඇතැමුන්ගේ දූ දරුවන් ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලබන බවට ද රජයට තොරතුරු ලැබී තිබුණි.
මෙයට කලකට පෙර මීගමුව බන්ධනාගාරයේ සිටි ජේලර්වරයෙක් සහ පවුලේ අය ස්විස්ටර්ලන්තයේ පදිංචිව සිටින අතර ඔහුට සහාය වී ඇත්තේ එම
බන්ධනාගාරයේ සිටි ස්විස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව අනාවරණය වි ඇත.
බන්ධනාගාර තුළට සිම් කාඞ්පත් ගෙනෙන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට රජය තීරණය කර තිබියදීත් මැගසින් බන්ධනාගාරය තුළදී සිම් කාඞ්පත් 14 ක් හමුවී ඇත.
‘‘මෙතෙක් බන්ධනාගාර නිලධාරීන්ගේ වත්කම් ගැන විමර්ශන සිදු වූයේ නැහැ. ඔවුගේ ජංගම දුරකථන තැටි තබන ස්ථාන ගැනද පරීක්ෂණ සිදුවී නැහැ යැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.
Source : Divaina
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්