ඉදිරි මාස කීපය ඇතුළත සහල් කිලෝව රු. 1000 ඉක්මවනු ඇති බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය අනතුරු අගවයි.
එළඹෙන ඔක්තෝබර් මාසය වන විට මෙරට උග්‍ර සහල් හිගයකට මූණ පෑමට සිදුවන අතර ඒ නිසා මෙලෙස සහල් මිල ඉහල යන බව ඔවුන් පෙන්වා දෙයි.
මේ තත්ත්වය ගැන අවධානය යොමුකර වගාවන් සදහා අවශ්‍ය පොහොර වහාම ලබා දීමට කටයුතු කරන ලෙසද එම සංගමය බලධාරීන් ගෙන් ඉල්ලා සිටී. එමෙන්ම කඩිනමින් විකල්ප ආහාර වගාවන් සදහා යොමුවන ලෙස ඔවුන් මහජනතාවගෙන්ද ඉල්ලීමක් කරයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති