තෙල් මිල ඉහල දැමිමිට විරෝධය පල කරන දැන්විම් ප්‍රදර්ශණනය කරමින් බක්කි කරත්තයක නැගි මාගාල්ලේ පාලම අසල සිට ගාල්ල නගරයට පැමිණි සිව් දෙනෙකු බක්කි කරත්තයද සමග අද(19)දහවල් ගාල්ල අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
එම සිව්දෙනා අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය සභාවක හිටපු සභාපතිවරයෙකුගේ පුතෙකුද සිටින බව පොලිසිය පවසයි.
රජයට විරෝධය පල කරන දැන්විම් එල්ලාගෙන බක්කි කරත්තයේ නැගි පිරිස සිට ගාල්ල නගරයට ආසන්න වෙමින් සිටියදි සංචරණ සිමා උල්ලංඝණය කිරිමේ චෝදනාව යටතේ ජංගම මුර සංචාරක පොලිස් නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ තලාපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් බක්කිය කුලියට ගෙන පැමිණ ඇති බවය.
ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති