චීනය විසින් බංග්ලාදේශයේ ඩකා අගනුවර, කණු මත ඉදිකරන ලද පළමු අධිවේගී මාර්ගය ජනතා අයිතියට පැවරේ. 3 වැනිදා සිට එහි ධාවන ක්‍රියාත්මක යි.
ඉකුත් 2 වැනි දා අධිවේගී මාර්ගය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අගමැතිනි ෂීක් හසීනා මහත්මිය කියාසිටියේ මෙම ව්‍යාපෘතිය “බංග්ලාදේශයේ නාගරික ප්‍රවාහන පද්ධතියේ නව සන්ධිස්ථානයක්” බව යි.
බංග්ලාදේශයේ ප්‍රධානතම යටිතල පහසුකම් ව්‍යාපෘතිවලින් එකක් වන මෙය ඩකා හි කණු මතින් ඉදි වූ පළමු අධිවේගී මාර්ගය ද වෙයි. කිලෝමීටර් 19.73 ක දිගින් යුතු අධිවේගී මාර්ගය චීනයේ Shandong අධිවේගී මාර්ග සමාගම, චීන බලශක්ති ඉදිකිරීම් සංස්ථාව සහ තායි සමාගමක ඒකාබද්ධ ආයෝජනයෙන් ඉදිකරනු ලැබීය.
මෙම අධිවේගී මාර්ගය ඩකා හි පදිංචිකරුවන්ට මෙන්ම රට පුරා සිටින ජනතාවට තිළිණයක් ලෙස ලබා දී ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, අගනුවර සහ රටේ සෙසු ප්‍රදේශ අතර සන්නිවේදනය පුළුල් කිරීම සඳහා එමගින් විශාල කාර්යභාරයක් ඉටුකෙරෙන බව යි.
අධිවේගී මාර්ග ව්‍යාපෘතියට සම්බන්ධ වූ සියලුදෙනාට ඇය හෘදයංගම ස්තුතිය පුද කළාය.
More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය