බංග්ලාදේශය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 2.2 ක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් මෙරටට පරිත්‍යාග කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කලේ මෙරට බංග්ලාදේශ මහ කොමසාරිස් තරීක් එම්. ඩී. අරිෆුල් ස්ලාම් විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත එම ඖෂධ තොගය භාරදුන් බවයි.
එම ඖෂධ තොගය අතර ප්‍රතිජීවක ඖෂධ මෙන්ම පිළිකා, අධි රුධිර පීඩනය, වෛරස, අපස්මාරය හා ඇදුම ඇතුළු රෝග වලින් පෙළෙන රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළුව ඖෂධ වර්ග 79ක් පමණ වන බව ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළා.
එම අවස්ථාවට එක්වෙමින් මෙරට බංග්ලාදේශ මහ කොමාසරිස්වරයා සඳහන් කලේ පවතින අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ ශ්‍රී ලංකාව දැඩි මිත්‍රශීලී රටක් ලෙස සලකා කටයුතු කරන බවයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති