සමස්ත බස් රථ වලින් සීයට 75 ක් හෙවත් බස් රථ 9000 කට අධික ප්‍රමාණයක් දිවයින පුරා ධාවනයට පියවර ගත් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
මේ හේතුවෙන් පොදු මගී ප්‍රවාහන සේවා ගැටලුවකින් තොරව පවත්වාගෙන යාමට හැකි වූ බවද විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
ලංගම ඩිපෝ මගින් සහ ඉන්ධන පිරවුම්හල්වලින් ඩීසල් නිකුත් කිරීම හේතුවෙන් මෙලෙස බස්රථ ප්‍රමාණය වැඩි කිරීමට හැකිවූ බවද විජේරත්න මහතා කීවේය.
ලබන සතියේ සිට පෞද්ගලික බස් රථ 12000 ක් දක්වා ධාවනයට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
මෝටර් රථ සහ යතුරුපැදි වෙනුවට හැකිතරම් පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් ගැමුණු විජේරත්න මහතා පැවසීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති