නිරෝධායන ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුම් අරඹන බව පොලිස් මූලස්ථානය පවසයි.
ඒ අනුව අද රාත්‍රීයේ සිට එම මෙහෙයුම ක්‍රියාත්මක වනු ඇති.
ඒ සදහා වෙනම පොලිස් කණ්ඩායම් යෙදවීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
රට වසා තැබීමට රජය ගත් තීරණය අනුව මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක වේ.
අද රාත්‍රී 10.00 සිට ලබන 30 වනදා දක්වා නිරෝධායන ඇදි නීතිය කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා දිවයින පුරා මාර්ග බාධක යොදවමින් එම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති