කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ සහ මරදාන පොලිස් බල ප්‍රදේශ සඳහා ද නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබෙනවා.
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ එය නැවත දැනුම් දෙනතුරු බලාත්මක බවයි.
කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල, සහ අලුත්ගම යන ප්‍රදේශ සඳහා ද නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වනවා.
එය සඳුදා උදෑසන 5 දක්වා බලපවත්වෙනු ඇති.
ඒ අනුව මේ වන විට පොලිස් බල ප්‍රදේශය 49කට නිරෝධායන ඇඳිරිනිතීය ක්‍රියාත්මක බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.
කළුතර වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 5ක් නැවත දැනුම්දෙන තුරු හුදෙකලා ගම්මාන ලෙස ද නම් කෙරුනා.
ඒ අනුව, ගුලවිට උතුර, ගුලවිට දකුණ, වෙදවත්ත, මගුරුමස්විල සහ මාකලන්දාව යන ග්‍රාමසේවා වසම් හුදෙකලා ගම්මාන ලෙස නම් කර ඇති බවයි කොවිඞ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති