රථවාහන නඩුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩයක් වශයෙන් මිරිහාන පොලිස් භූමියේ නවතා තිබු ස්කූටි වර්ගයේ යතුරු පැදියක් රුපියල් 10,000 ක මුදලකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වෙත අලෙවි කර තිබු පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි.
සැකකාර කොස්තාපල්වරයා වැඩතහනම් කර ඇති බවද පොලිසිය කියයි.
මිරිහාන මුලස්ථාන පොලිසියේ රථවාහන අංශය විසින් ඉකුත් 08 දින රථවාහන වරදක් සම්බන්ධයෙන් මෙම යතුරු පැදිය පොලිසිය බාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නඩු භාණ්ඩයක් වශයෙන් එය පොලිස් භූමියේ රඳවා සිට ඇත.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඔහුගේ හිතවතකුට රුපියල් 10,000 ට ක මුදලට මෙම යතුරු පැදිය ලබා දී ඇති බවත්, සැකකරු ලොරි රථයක් රැගෙනවත් කොස්තාපල්වරයාගේ සහයෙන් යතුරු පැදිය රැගෙන ගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකරු ඉහත යතුරු පැදිය උපයෝගි කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට මිරිහාන කොට්ඨාස දූෂණ මර්දන වෙත තොරතුරු ලැබී තිබු බවත්, ඔවුන් එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබු බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
පෙරේදා (14) මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40 ක් සමග අත්අඩංගුවට ගෙන ඉහත යතුරු පැදිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ දී ඉහත තොරතුරු හෙළිකරගෙන ඇත.
පොලිස් භූමියේ රැඳවා තිබු එම යතුරු පැදියද නිවසක සඟවා තිබියදී පොලිසිය සොයා ගත්තේය.
මිරිහාන මුලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති