චීන උප ජනාධිපති Han Zheng මහතා 2025 වසරේ ගෝලීය වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වී දේශනයක් පැවැත්වීය. එම උත්සවය ඊයේ (22) චීනයේ බෙයිජිං අගනුවරදී පැවැත්විණ.
වර්තමානයේ ඩිජිටල් සහ බුද්ධිමය යුගය වේගවත් ලෙස ඉදිරියට යමින් පවතින බව Han Zheng මහතා එහිදී පැවසීය. ගෝලීය වෙළඳාමේ සහ ආයෝජනවල විපර්යාසය ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කිරීමට සහ පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ලොව පුරා රටවල් එක්ව ක්‍රියා කළ යුතු බව ද ඔහු සඳහන් කළේය. චීනය ඉහළ මට්ටමේ විවෘතභාවය පුළුල් කිරීමට සහ උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින අතර විවිධ රටවල ව්‍යවසායන් සඳහා පුළුල් අවස්ථා ලබා දීමට නොසැලෙන ලෙස කැපවී සිටින බව Han Zheng මහතා කියා සිටියේය.
“ඩිජිටල් සහ බුද්ධිමය යුගයට සමීප වෙමින් පොදු සංවර්ධනය සඳහා එක්ව කටයුතු කිරීම” මෙම සමුළුවේ තේමාවයි. විදේශීය රජයේ දෙපාර්තමේන්තු, ජාත්‍යන්තර සංවිධාන, විදේශීය ව්‍යාපාරික සංගම් සහ ගෝලීය වෙළඳ ප්‍රවර්ධන ආයතනවල ප්‍රධානීන් මෙන්ම දෙස්-විදේස් සමාගම්වල නියෝජිතයින් ඇතුළු 800 කට අධික පිරිසක් සමුළුවට සහභාගී වූහ.
More Stories
චීන-නෙදර්ලන්ත විදේශ ඇමතිවරුන් අතර සාකච්ඡාවක්
හාවර්ඩ් විශ්වවිද්‍යාලයට ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීම අවහිර කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දැඩි තීරණයක්
21වැනි චීන ජාත්‍යන්තර සංස්කෘතික කර්මාන්ත ප්‍රදර්ශනය ඇරඹේ