බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ රැඳවියන් පිරිසක් ආරම්භ කළ ආහාර වර්ජනයෙන් රැඳවියන් අට දෙනෙකු ඉවත් වී තිබෙනවා.
දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් දඬුවම් නියම වී සිටින රැඳවියන් 40 දෙනෙකුගෙන් 32 දෙනෙකු එලෙස වර්ජනයේ නිරතව සිටිනවා.
වර්ජනයේ නිරතව සිටින රැඳවියන් අතරට කංජිපානී ඉම්රාන් පොඩි ලැසී සහ වෙලේ සුදා ඇතුළු රැඳවියන් වනවා.
පොට්ට නවුෆර් කැවුමා ආමි සම්පත් ඇතුළු රැඳවියන් 06 දෙනෙකු වර්ජනයට සහය දක්වා නොමැති බවයි වාර්තා වන්නේ.
රැඳවියන් බැලීමට එන කාන්තාවන් පිරිමි නිලධාරින් ඉදිරියේ පරීක්ෂා කිරීම, කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් ඥාතීන් හමුවිමට නොහැකි නිසා ලබාදී තිබු දුරකතන පහසුකම් ඉවත් කිරීම, ආපන ශාලාවෙන් ආහාර සහ වෙනත් දේවල් ලබා ගැනීම සඳහා මාසයකට අනුමත කර ඇති රුපියල් 8,000 ප්‍රමාණවත් නොවීම වැනි කරුණු මූලික කරගනිමින් ඔවුන් මෙම ආහාර වර්ජනය ආරම්භ කර ඇතැයි සඳහන්.
සිය නීතිඥවරුන් හමුවිමට සදහා දැනට ලබාදෙන කාලය දීර්ඝ කරන ලෙසද උපවාසකරුවන් ඉල්ලා සිටිනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති