පේරාදෙණියේ විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් 64දෙනෙකු කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී තිබේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවසුවේ එම සිසු සිසුවියන් මේ වන විට විශ්ව විද්‍යාල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
ඒ මහතා මේ බව පැවසුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මෙම තත්ත්වය හමුවේ විශ්ව විද්‍යාල සම්පූර්ණයෙන්ම විවෘත කිරීම අපහසු බවත්, සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ක්‍රමවේදයන් අනුගමනය කරමින් උපරිම සිසුන් සංඛ්‍යාව විශ්වවිද්‍යාලය තුළ රඳවා ගනිමින් අවශ්‍ය අධ්‍යයන කටයුතු වල යොදවන බව නියෝජ්‍ය උපකුලපතිවරයා වැඩිදුරටත් පැවසීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති