රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ විශේෂ රාජකාරි සඳහා පැමිණි කොස්තාපල්වරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා පවසයි.
මෙම කොස්තාපල්වරයා ලුණුගම්වෙහෙර පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරියෙකි.
මෙම කොස්තාපල්වරයා නවාතැන් ලබා ගෙන සිටි බව කියන කතරගම නවාතැන් පොළෙහි සිටි තවත් පොලිස් නිලධාරීන් 19 දෙනකු නිරෝධායනයට ලක් කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.
කොවිඩ් ආසාදිත කොස්තාපලවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති