එළැඹෙන පෙබරවාරි මාසය අවසන් වනතුරු ශ්‍රී පාද වන්දනාවේ නොඑන ලෙස දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසනවා.
දෙසැම්බර් උදුවප් පෝය දිනෙන් ආරම්භ වූ ශ්‍රී පාද වන්දනා වාරයට ජනවාරි මුල් සති කිහිපය වනතුරු ම බැතිමතුන්ගේ පැමිණීම අධිකයි.
කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය නුවරඑළිය, හැටන් වතු ආශ්‍රිතව පැතිරයාමේ වැඩි අවදානමක් පවතින බැවින් බැතිමතුන් වැඩිවශයෙන් පැමිණීම ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බැවින් මෙම පියවර ගෙන තිබෙනවා.
සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව අවසර ලබා වන්දනාවේ පැමිණයද කොවිඩ් අවදානම් තත්ත්වය පහව නොයන බව අවධාරණයට ගනිමින්, ජනවාරි මාසයේදී ශ්‍රීපාද වන්දනාවේ නොපැමිණෙන ලෙස දෙසැම්බර් 23 වැනි දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්