විදේශ ගමන් බලපත්‍රය සාදා ගැනීමට වවුනියාවේ පිහිටි ආගමන විගමන කාර්යාලයට යන අතරතුරදී තම යතුරුපැදියට පෙට්‍රල් ලබාගැනීමට ගොස් ඉන්ධන පිරවුම්හලක පෝලිමක රැඳී සිටි තරුණයෙක් ඊයේ (24) අලුයම කන්ටේනර් රථයකට යට වී ජිවිතක්ෂයට පත් වී ඇත.
මෙලෙස ජිවිතක්ෂයට පත්වී ඇත්තේ තලාකොළවැව, කිරලෝගම, තඹුත්තේගම ලිපිනයේ පදිංචිව සිටි එම්. බී රවිෂාන් මධුරංග නමැති 19 හැවිරිදි තරුණයෙකි.
පුත්තලම අනුරාධපුර ඒ 12 මාර්ගයේ පණ්ඩුලගම ඔරලෝසු කණුව ආසන්නයේදී පණ්ඩුලගම ඉන්ධන පිරවුම් හලේ පෙට්‍රල් පෝලිමේදී මෙම අනතුර සිදුව ඇති බවත් එම තරුණයාගේ යතුරු පැදියේ හැඩලය කන්ටේනර් රථයක බඳ කොටසේ ගැටී මාර්ගයට ඇද වැටී මෙම අනතුර සිදුවී ඇති බවත් පොලිසිය ප්‍රකාශ කර තිබේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති