පූගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ 21 හැවිරිදි තරුණයෙකු අසනීපවී රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවට කියන සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
කොළඹ අශ්වාරෝහක කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් එම පරික්ෂණ කටයුතු සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
එම විමර්ශනයේදී පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා හෝ එම පොලිස් ස්ථානයේ නිළධාරින් අනිසි ලෙස කටයුතු කර ඇති බවට අනාවරණය වුවහොත් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළා
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්