චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(28) පැවති මාධ්‍ය හමුවකදී, 9 වැනි චීන-ජපන්-දකුණු කොරියානු නායක සමුළුවේ සාර්ථකත්වය පිළිබඳ පැහැදිලි කළේය. වර්තමානයේ චීනය, ජපානය සහ දකුණු කොරියාව අතර සහයෝගීතාවය පුළුල් සංවර්ධනයක් සමග නව මාවතකට ප්‍රවේශ වී තිබේ. මෙම සමුළුවේ ප්‍රතිඵල ලේඛන ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට මෙන්ම, ඒ ඒ ක්ෂේත්රවල මිත්‍රශීලී හුවමාරු සහ ප්‍රායෝගික සහයෝගීතාව අඛණ්ඩව ශක්තිමත් කිරීම සඳහා ද, චීනය දකුණු කොරියාව සහ ජපානය සමග කටයුතු කරනු ඇතැයි, ඇය එහිදී පැවසුවා ය.
වසර හතරකට වැඩි කාලයකින් පසු, චීන-ජපන්-දකුණු කොරියානු නායක සමුළුව ඊයේ(27) දකුණු කොරියාවේ සෝල් නුවරදී පැවැත්විණ. “9 වැනි චීන-ජපන්-දකුණු කොරියානු නායක සමුළුවේ ඒකාබද්ධ ප්‍රකාශය” ද එහිදී සම්මත කර ඇත.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්