පුද්ගලික අවි දැරීමේ නීතියට යළි සීමා එක්කළ යුතු බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.
ධවල මන්දිරයේ සිට ජාතිය අමතමින් ජනාධිපතිවරයා එරට කොන්ග්‍රස් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කළේ මේ වන විට ඇමරිකාවේ බොහෝ ස්ථාන “ඝාතන බිම් ” ලෙසට පරිවර්ථනය වෙමින් පවතින බව පෙන්වා දෙමින්.
ඒ අනුව තුවක්කු ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීම සඳහා ප්‍රහාරක මාදිලියේ ආයුධ සහ අධි ධාරිතාවයෙන් යුත් පුද්ගලික අවි තහනම් කළ යුතු බව ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කළා.
කොන්ග්‍රසයට එවැනි ආයුධ තහනම් කළ නොහැකි නම්, ඒවා මිලදී ගැනීමේ වයස අවුරුදු 18 සිට 21 දක්වා සංශෝධනය සඳහා කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේ.
1994 දී පුද්ගලික ප්‍රහාරක අවි තහනම් කිරීමට අමෙරිකාව පියවර ගෙන තිබුණ ද වසර 10කට පසු එය අවලංගු කෙරුණා.
පුද්ගලික තුවක්කු හිමිකම එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන සංශෝධනයට ද ඇතුළත්.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්