එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ශ්‍රී ලංකාවට වූ හානිය දෙවන තැනට දමා මෝස්තර නිරූපිකාවක් ගැන සමාජ මාධ්‍යයේ කතා කිරීම ලොව ප්‍රධාන පෙළේ සඟරාවක් වන ඉකොනොමිස්ට් (Economist) මගින් විවේචනාත්මක වාර්තාවක් පළ කර ඇත. එම වාර්තාව අනුව පසුගිය දෙසතියේ ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් මාතෘකාව බවට පත් කර ගෙන ඇත්තේ පියුමි හංසමාලිය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වූ දිනයේදීම අදාළ නිරූපිකාව ඇතුළු පිරිසක් පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙම සිදුවීමත් සමග ගූගල් යෙදවුම ඇතුළු අන්තර්ජාල පරිශීලිකයන් අතර වැඩි ලෙස සෙවූ සිදුවීම බවට පත්ව ඇත්තේ නිරූපිකාව පිළිබඳ තොරතුරු බව Economist වෙබ් අඩවිය පෙන්වා දෙයි.
පුරා සති දෙකක කාලයක් කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා මෙරට සාගර කලාපයට සහ පරිසරයට ඇති වූ හානිය සම්බන්ධයෙන් ලාංකිකයන් තුළ ඇතිවූ සංවාදයන් සියල්ල නිරූපිකාව සම්බන්ධ සිදුවීමෙන් ක්ෂණයකින් යටපත් වූ ආකාරය සම්බන්ධයෙන් Economist සවිස්තරාක්මකව වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති