යම් පිපිරීමක් වන බවට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන පුවතේ කිසිඳු සත්‍යතාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ පවසනවා.
එම හුවමාරු වන ව්‍යාජ පණිවුඩයේ සටහන් වන්නේ අද දිනයේ මිරිහාන, නුගේගොඩ, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, බම්බලපිටිය ප්‍රදේශ ආශ්‍රීතව යම් පිපිරීමක් සිදුවීමට ඉඩ ඇති බවයි. මේ වන විට සිදු කරන ලද විමර්ෂණවලදී මෙය ව්‍යාජ පුවතක් බවට අනාවරණය වී ඇති අතර 2019 වසරේ අප්‍රේල් 25 වන දින යම් පුද්ලයෙකු විසින් යවන ලද පණිඩුයක් බවටද අනාවරණය වී තිබෙනවා.
එම පණිවුඩය අද දිනයේ නැවතත් ව්‍යාජ ආකාරයෙන් බෙදා හැරීමක් සිදු කර ඇති අතර මේ සම්බන්ධයෙන් ජනතාව කිසිඳු බියක් ඇති නොකරගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කරනවා.
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු