ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (22) දිනයේ පැය 08ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව අද රාත්‍රි 10.00 සිට හෙට (23) උදෑසන 06.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ලැබේ.
එම කාලය තුළ ගම්පහ නගරයේ, ගම්පහ මිරිස්වත්ත මාර්ගයේ හංසගිරි පාර දක්වා කොටස, යක්කල මාර්ගයේ හංසගිරි පාර දක්වා වූ කොටස, ඔරුතොට මාර්ගයේ කළු පාලම දක්වා වූ කොටස, උඩුගම්පල මාර්ගයේ සතොස අසල පාලම දක්වා සහ ජා ඇළ මාර්ගයේ දුම්පරීක්ෂණ මධ්‍යස්ථානය දක්වා වූ කොටස සදහා මෙලෙස ජල කප්පාදුව සිදුවනු ඇත.
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල පාලමේ එළාඇති ජල නළ පද්ධතියේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවිමට සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු