ගත වූ පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදු කළ වැටලීම්වලින් හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 381 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ඊයේ (20) උදෑසන 6.00 සිට අද (21) පෙරවරු 5.00 දක්වා කාලය තුළ මෙම වැටලීම් සිදුකර ඇත.
එහිදි හෙරොයින් ජාවාරම් හා සම්බන්ධ සැකකරුවන් 133ක් අත්අඩංගුවට ගනු ලැබීය. ගංජා ජාවාරම් සම්බන්ධයෙන් අනූ දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 121ක්.
ගෝඩා හා අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 24 දෙනෙකු ද වෙනත් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් 11 දෙනෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වෙයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති