මෙතෙක් කලක් භාණ්ඩාගාරය මගින් ගෙවනු ලැබූ පාසල් ජල බිල මින් ඉදිරියට පාසල විසින්ම ගෙවිය යුතුව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සියලු පාසල් ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දී ඇත.
මෙම තීරණය නිසා විදුහල්පතිවරු දැඩි අසීරුතාවකට පත්වී සිටින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා කීය.
මෙම ජල බිල ගෙවීම නිසා දරුවන්ගෙන් මුදල් එකතු කිරීමට සිදුවන තත්වයක් උදාවන බැවින් වහාම මෙම තීරණය ඉවත් කර ගන්නා ලෙසට රජයට දැනුම් දී ඇතැයිද ජෝශප් ස්ටාර්ලින් මහතා ප්‍රකාශ කළේය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති