පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි මෙහෙයවීමේ කටයුතු ලබන 31 වැනි දා දක්වා කල් තැබීමට පියවර ගෙන තිබේ.
කොමිෂන් සභාවේ ලේකම් බුවනෙක හේරත් මහතා සඳහන් කළේ, ලබන 31 වැනි දා යළි කොමිසම රැස්වී සාක්ෂි කැඳවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය බවයි.
ඉදිරි දිනවල සාක්ෂි ලබාදීමට නියමිතව සිටි සියලුම සාක්ෂිකරුවන්ට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.
පසුගිය වසරේ සැප්තැම්බර් 20 වැනි දා පත් කළ මෙම කොමිසමේ නිල කාලය ලබන දෙසැම්බර් 20 වැනි දා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්