පාසල් තුළ ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග නිවාරණය සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ උපදෙස් පත්‍රයක් නිකුත්කර තිබේ.
එම උපදෙස් පත්‍රිකාවේ දැක්වෙන්නේ, සිදුකරන විශේෂ පරීක්ෂා කිරීම්වලදී පාසල් පරිශ්‍රයක මදුරුවන් බෝවන ස්ථාන තිබී හඳුනාගතහොත් එම පාසලේ විදුහල්පතිට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ද ගතහැකි බවය.
පාසල් ආශ්‍රිත පරිසරය මදුරුවන්ගෙන් තොරව ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා මීට පෙර නිකුත්කර ඇති 2010/22 හා 30/2017 චක්‍රලේඛ උපදෙස් ලිපිවලට අමතරව ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත් කරමින් නව උපදෙස් පත්‍රය නිකුත්කර ඇත.
ඒ අනුව සියලු පාසල් පරිශ්‍රය මදුරුවන් බෝ නොවන පරිදි පවත්වාගෙන යාම සදහා පාසල් අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන පරිදි සුදුසු අභ්‍යන්තර වැඩපිළිවෙළක් සකස්කර ක්‍රියාත්මක කිරීමට එමගින් යෝජිතය.
මේ සම්බන්ධයෙන් සියලුම රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරු, පිරිවෙන් පරිවේනාධිපතිවරුන්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පීඨාධිපතිවරු සහ පළාතේ අනෙකුත් අධ්‍යාපන මධ්‍යස්ථාන හා කාර්යාල ප්‍රධානීන් දැනුම්වත්කර තිබේ.
ඒ අනුව පාසල්වල විටින්විට සිදුකෙරෙන පරික්ෂාවලදී එම පරිශ්‍ර තුළ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි මට්ටමේ ස්ථාන වාර්තා වුවහොත් අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග වුවද ගතහැකි බවද එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.
More Stories
වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ වර්ජනය අවසන්
සිමෙන්ති මිල ඉහළට
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම තැන අද නැවත අලුත්වෙයි