කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් නිවාඩු ලබා දුන් රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිඛෙනවා.
ඒ අනුව සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට වැඩි සියලුම ශ්‍රේණි සඳහා පාසල් නැවත ආරම්භ කිරීමට පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපතිවරුන්, විදුහල්පතිවරුන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර නිවේදනයක දැක්වුණේ.
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් , ශිෂ්‍ය පරතරය හා පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින් අධ්‍යන කටයුතු සිදු කල යුතු බව ද එම නිවේදනයේ සඳහන්.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති