පාර්ලිමේන්තුව ලබන 19 වනදා දක්වා කල් තැබීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව අද (08) පස්වරුවේ තීරණය කළේය.
ඒ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙනි.
පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ රැස්විය.
එහිදී පාර්ලිමේන්තුව ලබන 19 වැනිදා සිට 22 වැනිදා දක්වා රැස්වීමට එම කාරක සභාව තීරණය කර ඇත.
පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව 10.00 – පෙ.ව 11.00දක්වාවූ කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.