පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීමේ පක්ෂ නායක හමුවක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ, එම සාකච්ඡාවේදී ඉදිරි පාර්ලිමේන්තු සතිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරිමට අපේක්ෂා කරන බවයි.
පවතින කොරෝනා වසංගත තත්ත්වය මත පාර්ලිමේන්තුව රැස්වීම සුදුසු ද නැද්ද යන්න එහිදී තීරණය කිරිමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
මේ අතර තාවකාලිකව වසා දැමුණු පාර්ලිමේන්තුවේ කටයුතු ඊයේ යළි ආරම්භ විය.
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පැවසුවේ, පාර්ලිමේන්තු සංකීර්ණය විෂබීජහරණය කිරීමෙන් පසු එහි කටයුතු යළි ආරම්භ කිරිමට පියවර ගත් බවයි.
පසුගිය 27 සහ 28 දෙදින පාර්ලිමේන්තුව තාවකාලිකව වසා දැමුණේ, විෂ බීජහරණය කිරීම සඳහායි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්