පාර්ලිමේන්තුවේ දී පසුගිය 21වන දින ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුව ලබන බදාදා (28) පළමුවරට රැස්වීමට නියමිතව තිබේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කර පූර්ණ විමර්ශනයක් පවත්වා වාර්තා කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මෙම කමිටුව පත්කරනු ලැබීය.
නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුව සඳහා චමල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, සුසිල් ප්‍රේමජයන්ත, ඉමිතියාස් බාකිර් මාකර්, මහාචාර්ය රංජිත් බණ්ඩාර, අනුර ප්‍රියදර්ශන යාපා සහ එම්.ඒ. සුමන්තිරන් යන මන්ත්‍රීවරුන් පත්කර තිබේ.
මෙම කමිටුව ලබන බදාදා පස්වරු 02ට පාර්ලිමේන්තු සංකිර්ණයේදී රැස්වීමට නියමිත බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.
- Derana news
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්