දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් පානීය ජලය ලබා දීම සීමා කිරීමට සිදුවන බව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන ජලාශ හා පානීය ජලය ලබා ගන්නා ජල මූලාශ්‍ර සිඳී පැවතීම හේතුවෙන්. මෙවැනි තත්වයක් මත පාරිභෝගික ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවන් සපුරාලීම සඳහා ජලය පැය 24 පුරා අඛණ්ඩව බෙදා හැරීම සීමා කිරීමට සිදුවනු ඇති.
එම මණ්ඩලය පවසන්නේ, මේ හේතුවෙන් උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයින් වෙත ජලය බෙදා හැරීමේ දී අඩු පීඩන තත්වයක් ඇති විය හැකි බවයි. හැකිතාක් දුරට ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි, එම මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති