පාතල කණ්ඩායමක් විසින් සිදුකරන මිනිස් ඝාතන, කප්පම් ගැනීම්, පහරදීම් වෙඩි තැබීම් ඇතුළු ක්‍රියාකාරකම් මේ වන විට සම්පූර්ණයෙන්ම නතර වී ඇති බව පොලිස් අපරාධ අංශ භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසනවා.
ගෙවීගිය මාස 4ට ආසන්න කාලය තුළදී පාතල ආපරාධ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් හෝ සිදුවීමක් වාර්තා වී නොමැති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පාතාල මර්දන මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු පාතාල ක්‍රියාකාරකම් මෙසේ මුළුමනින්ම නතර වී ඇති බව ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කරනවා.
අවසන්වරට පාතාල අපරාධයක් සිදුවී තිබුණේ ඉකුත් ජුනි මාසයේදී මාළිගාවත්ත ප්‍රදේශයෙන්.
මෙම සිදුවීමෙන් පසු මේ වනතුරු පාතාල අපරාධ කිසිවක් වාර්තා වී නොමැති බවයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කළේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති