මදුරාවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් සිය නිවසට හොර රහසේ විදුලිය ලබා ගෙන තිබියදී විදුලි බල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු වන එම පුද්ගලයා බැල්ලපිටිය ,කිරි දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
විදුලිබල මන්ඩලයේ විශේෂ විමර්ශනය ඒකකයට ලද පෙත්සමක් අනුව සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර මන්ත්‍රීවරයා සිය නිවසේ විදුලි මනුව සිදුරුකර එම සිදුරු තුළින් කම්බි කුරක් යවා කැරකුම් තැටියේ ක්‍රියාකාරීත්වය වරින් වර නවතා යථාපරිදි .මනු ගත නොවන පරිදි වංචනික ක්‍රියාව සිදු කර තිබියදී විශේෂ විමර්ශන ඒකකයේ විමර්ශන සහකාර ජි ඩි ඩි ඒ වනිගසේකර මහතා ඇතුළු කණ්ඩායමක් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති