මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සහ ගුරුවරුන් රැසක් කොරෝනා ආසාධනයට ලක්ව ඇති බව ලංකා ගුරුසේවා සංගමය පවසනවා.
අද පෙරවරුවේ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අවධාරණය කලේ දරුවන් මුහුණ දී ඇති එම අවදානමට රජය සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.
මේ අතර කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතා පැවැත්වීම සදහා වෙන් කර ඇති ස්ථානයේ සත්‍යග්‍රහයක යෙදී සිටින තම නියෝජිතයන්ට අදත් පොලීසියෙන් බාධා එල්ල වූ බවට ගුරු විදුහල්පති වෘත්තිය සමිති චෝදනා කළා.
මේ ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්.
මේ අතර අභියෝග හමුවේ ආරම්භ කළ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා යළි බාධා නොකරන ලෙස ප්‍රාථමික අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිෂාන්ත මහතා ගුරු – විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කළා.
ඒ මහනුවර අද පැවති උත්සවයකට එක්වෙමින්.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති