දශක ගණනක් පුරා මෙරට රසික හදවත් සිනහවෙන් සැනසූ ප්‍රවීන ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අද (01) දැයෙන් සමුගත්තේය.
ඒ, කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සෝ සුසුම් මැදය.
රෝගාතුරව සිටි ටෙනිසන් කුරේ මහතා අභවප‍්‍රාප්ත වුණේ ඉකුත් සදුදා දිනයේයි.
පසුව ඔහුගේ දේහය මහජන ගෞරවය සඳහා මොරටුවේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තැබුණා.
ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා සහෘද කලාකරුවන් රැසක් මෙන්ම ටෙනිසන් කුරේ මහතාට ආදරය කල රසික රසිකාවියන් රැසක්ද පැමිණියා.
දශක 4කට ආසන්න කාලයක් මෙරට සිනමාව, වේදිකාව ඇතුළු කලා ක්ෂේත‍්‍රය සිනහවෙන් පිරවූ මේ අසහාය ප‍්‍රහසන රංගන ශිල්පියා, අසීරු කාර්යයක් ලෙස සැලකෙන රංගනයෙන් තවත් අයෙකු සිනහ ගැන්වීම ඉතා පහසුවෙන්ම සිදු කල අයෙක්.
මොරටුව විල්ලෝරාවත්ත නිවසේ තැන්පත් කර තිබූ ටෙනිසන් කුරේ මහතාගේ දේහය පස්වරු 4ට පමණ මොරටුමුල්ල දේවස්ථාන සුසාන භූමිය වෙත රැගෙන එනු ලැබීය.
ඉන් අනතුරුව දේවස්ථානයේදී ආගමික වතාවත් සිදුකෙරුණි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්