ප්‍රදේශ කිහිපයක හෙට (09) දිනයේ ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව හෙට (09) පස්වරු 4.00 සිට අනිද්දා (10) පෙරවරු 6.00 දක්වා පැය 14ක කාලයක් එලෙස ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.
ජල සැපයුම අත්හිටුවෙන ප්‍රදේශ වන්නේ,
ඒකල, කොටුගොඩ, උදම්මිට, රජ මාවත, මීගමු පාර (තුඩැල්ල සිට 20 සැතපුම් කණුව දක්වා) වහටියාගම, දැලතුර, කටුනායක, සීදුව, උඩුගම්පොළ කොටසක්, මිනුවන්ගොඩ කොටසක්, කටුනායක ගුවන් හමුදා කඳවුර, කටුනායක නිදහස් වෙළෙඳ කලාපය සහ කටාන (දකුණ)
ජාඇළ මාර්ගයේ ජල නල පද්ධතියේ වැඩිදියුණු කිරීමක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති