ගතවූ පැය 24 ට ලොවපුරා රටවල් 222 කින් කොරෝනා වයිරස ආසාදිතයින් විසි හයලක්ෂ හතළිස් දහසකට ආසන්න සංඛ්‍යාවක් හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 7647 ක්.
ඊයේ දිනයේදී වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ ප්‍රංශයෙන්. එම සංඛ්‍යාව තුන්ලක්ෂ තිස්දහස ඉක්මවා තිබෙනවා. එමෙන්ම ඉන්දියාවෙන් දෙලක්ෂ විසි නවදහසක් ද බ්‍රසීලයෙන් දෙලක්ෂ හත්දහසක් ද ඇමරිකාවෙන් එක් ලක්ෂ අනූ දෙදහසක් ද ජර්මනියෙන් එක් ලක්ෂ හතළිස් තුන්දහසක් හා ඉතාලියෙන් එක්ලක්ෂ තිස් හත්දහසක් ලෙස ආසාදිතයින් හමුව ඇති බවයි වාර්තා වන්නේ. ඒ සමඟම ලොව සමස්ථ වයිරස ආසාදිතයින් සංඛ්‍යාව තිස් හත්කෝටි තිස් ලක්ෂය ඉක්මවා ගියා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 5,676,119ක්.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්