අලුත් අවුරුදු සමය වෙනුවෙන් මෙවර විශේෂ බස්රථ සේවා ක්‍රියාත්මක නොවන බව පෞද්ගලික බස් රථ සංගම් සඳහන් කරයි.
අලුත් අවුරුදු වෙනුවෙන් ගම් බිම් බලා යන ජනතාව වෙනුවෙන් හෙට(8) සිට විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුනත් පවතින ඩීසල් හිඟය හේතුවෙන් එම සේවා ක්‍රියාත්මනක නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
දිවයින පුරා පවතින උග්‍ර ඩීසල් හිඟය හේතුවෙන් බස් රථ ධාවනයට දැඩි බලපෑම් එල්ල වී ඇතැයිද විජේරත්න මහතා කීවේය.
මේ හේතුවෙන් අද (07) දිනයේ ධාවනය වූයේ සමස්ථ බස්රථ වලින් පහෙන් එකක් හෙවත් බස් රථ 4000 කට අඩු සංඛ්‍යාවක් බවත් ඔහු පැවසීය.
ප්‍රමාණවත් බස් රථ නොමැතිවීමෙන් අද දිනයේත් මගී ජනතාවට මහමග රස්තියාදුවීමට සිදුවූ බවත් ඔහු කීවේය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති