කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (09) උදෑසන 9.30 ට ආරම්භ වීමට නියමිතව ඇත.
ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් 9ක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමත තිබෙන බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.
ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත, ජාතික ජලශාස්ත්‍රීය පනත් කෙටුම්පත සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ සඳහන් නියෝග විවාදය ගැනීමටද නියමිතයි.
මේ අතර, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, ආර්ථික අර්බුදයට හේතු සොයා බලා වාර්තා කිරීම පිළිබඳ තේරිම් කාරක සභාව ද අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති