පළාත් අතර සංචරණ සීමා ඉවත් නොකළද ලබන අගෝස්තු මස පළමුදා සිට පළාත් අතර පොදු ප්‍රවාහන කටයුතු සීමිත අයුරින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
ඒ අනුව සීමිත බස් රථ සහ දුම්රිය ප්‍රමාණයක් යළි පළාත් අතර ධාවනයට නියමිතයි.
අමාත්‍යවරයා සදහන් කළේ පසුගිය කොවිඩ් කමිටු රැස්වීමේදී ඒ සදහා අනුමැතිය හිමිවූ බවයි.
කෙසේ වෙතත් පළාත් අතර සංචරණ සීමා ඉවත් කළහොත් සම්පූර්ණ වශයෙන් ප්‍රවාහන පහසුකම් සැපයීමට කටයුතු කරන බව දිලුම් අමුණුගම අමාත්‍යවරයා සදහන් කරයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති