එළැඹෙන (2022) වසරේ පළමු ශ්‍රේණියේ පන්තියකට ඇතුළත් කෙරෙන සිසුන් සංඛ්‍යාව හතළිහක් දක්වා වැඩි කිරීමේ සංශෝධනයද ඇතුළත් පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛය අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට අද (17 වැනිදා) ඉදිරිපත් කෙරේ. මෙම සංශෝධනයට අමතරව පදිංචිය තහවුරු කෙරෙන ලේඛනවලට අදාළව සහ තවත් සංශෝධන කිහිපයක් මෙවර චක්‍රලේඛයට ඇතුළත් වන බව අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් ඊයේ (16 වැනිදා) පැවසීය. පළමු ශ්‍රේණීයට සිසුන් ඇතුළත් කිරීම සඳහා ලබන මස මුල සිට අයැදුම්පත් කැඳවීමට සැලසුම් කර ඇතැයි ද එම නිලධාරියා කීවේය.
මීට වසර පහකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණයක් අනුව මෙම වසරේ සිට ඉදිරියට පළමු ශ්‍රේණියේ පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව තිස්පහක් වුවත් ජනප්‍රිය පාසල් සඳහා පවතින ඉල්ලුම සලකා බලා එම සංඛ්‍යාව හතළිහක් දක්වා වැඩි කිරීමට පියවර ගත් බව අමාත්‍යාංශය පවසයි.
- aruna
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති