නැපෝලියන් බොනපාට් 1807 වසරේදී රුසියානුවන් පරාජය කිරීම සදහා මූලිකත්වය දරන විට පැළද සිටි කළු පැහැති තොප්පිය වෙන්දේසි කිරීමට තීරණය වී ඇත.
ලෝක ප්‍රසිදධ වෙන්දේසි සමාගමන් වන සොතෙබි විසින් පැරිසීයේදී මෙම වෙන්දේසිය සිදු කිරීමට නියමිතව ඇත. ඇතැමුන් විසින් උත්කර්ෂයට නංවා ඇති තවත් අය විසින් කෘර පාලකයෙකු ලෙස හංවඩු ගසා ඇති නැපොලියන් බොනපාට් විසින් භාවිත කළ බඩු භාණ්ඩ රැසක් මේ වන විට විවිධ පුද්ගලයින් විසින් මෙවැනිම වෙන්දේසි වලදී තමන් සතු කරගෙන ඇත.
මෙම කළු පැහැ හිස් වැසුම 1814 වසරේදී නැපෝලියන් පිළිබද ඉතා කැමැත්තෙන් සිි යුරෝපයේ වංශාධිපතියෙකු වූ ශ්‍රීමත් මයිකල් ෂෝ ස්ටුවර්ය් විින් මිලදී ගන්නා ලදී. ඉනික්බිති එය ස්කොට්ලන්තයේ පිහිටි වතුයායක් වෙත ගෙන එන ලදුව ඔහුගේ ඉදිරි පරම්පරාවෙන් පරම්පරාවට එය ආරක්ෂා කරනු ලැබ ඇත.
මෙම හිස් වැසුම සදහා අදාල වෙන්දේසි සමාගම විසින් එය ඩොලර් 400,000 සිට 600,000 දක්වා ඇස්තමේන්තු කර ඇති අතර සමාගම පවසන්නේ වයස අවුරුදු 30 දී යුධ පිටියේදී ජයග්‍රහණය කළ අවිවාදිත නායකයෙකු වූ නැපෝලියන්ට අයත් මෙවැනි භාණ්ඩ මිලදී ගැනීඹට බොහෝ දෙනා කැමැත්තෙන් සිටින බවයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති