ඊශ්‍රායල හමුදා ගුවන් යානා ඊයේ(19) රාත්‍රියේ ගාසා තීරයේ Deir Al-Balah ප්‍රදේශයේ නිවසකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ. වාර්තාවලට අනුව, එම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇති අතර විශාල පිරිසක් තුවාල ලබා ඇත. ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ ආගමික ස්ථානයකට ද ගුවන් ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වේ. එහිදී පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර විශාල පිරිසක් ඉන් තුවාල ලැබූහ. එමෙන්ම උතුරු ගාසා තීරයේ Jabaliyah සරණාගත කඳවුරට ද ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර මාලාවක් එදිනම එල්ල කළ බව Hamas සංවිධානය ප්‍රකාශ කරයි. එම ප්‍රහාරයෙන් අවම වශයෙන් පලස්තීනුවන් 18 දෙනෙක් මිය ගොස් ඇති බව වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා ඊයේ(19) ඊජිප්තුවේ Cairo නුවරදී ඉල්ලා සිටියේ, පලස්තීනය සහ ඊශ්‍රායලය අතර වහාම මානුෂීය සටන් විරාමයක් ඇති කර ගත යුතු බවයි. ගාසා තීරයේ මානුෂීය අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බව ද හෙතෙම ප්‍රකාශ කළේය. පලස්තීන-ඊශ්‍රායල් ගැටුම සමනය කිරීම සහ ගාසා තීරයට මානුෂීය ආධාර ලබා දීම පිළිබඳව, Guterres මහතා එදින ඊජිප්තු විදේශ අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ද පවත්වා ඇත. ඉන් අනතුරුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ඔහු පෙන්වා දුන්නේ, පසුගිය සති දෙකකට ආසන්න කාලයේදී, ගාසා තීරයේ ජනතාව ඉන්ධන, ආහාර, ජලය, ඖෂධ සහ වෙනත් අවශ්‍ය භාණ්ඩ කිසිවක් ලබා ගෙන නොමැති බවයි. ඊජිප්තුවේ Arish ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ Rafah වරාය යනු ගාසා වැසියන්ගේ ජීවනාලියයි. පලස්තීන-ඊශ්‍රායල් වහාම මානුෂීය සටන් විරාමයක් ඇරඹිය යුතු බව Guterres මහතා එහිදී ඉල්ලා සිටියේය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ