පාකිස්ථානයේ පල්ලියක සිදු වූ බෝම්බ ප්‍රහාරය චීනය දැඩිව හෙළා දකී.පාකිස්ථානයේ පල්ලියක සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් සිදුවූ පුද්ගල මරණ හා තුවාල සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය ඊයේ (31)මේ බව ප්‍රකාශ කළාය.
එම සිද්ධිය කෙරෙහි දැඩි කම්පනයට පත්වූ චීනය එය දැඩිව හෙළා දකින බව ඇය ප්‍රකාශ කළාය. එම සිද්ධියෙන් මියගිය පුද්ගලයන් වෙත දැඩි ශෝකය පළ කරමින් තුවාල ලැබූවන්ට හා ඔවුන්ගේ ඥාතීන්ට කණගාටුව පළ කරන බව ද ඇය පැවසුවාය.
චීනය කවරාකාරයේ හෝ ත්රස්තවාදයට විරුද්ධය. ත්‍රස්තවාදය මර්දනය කර රටේ ස්ථාවරත්වය සුරක්ෂිත කරමින් ජනතාවගේ ජීවිත ආරක්ෂාව සහතික කිරීම සඳහා පකිස්ථානය දරන උත්සාහයන්ට චීනය ස්ථීරව අනුබල දෙන බවද ඇය සඳහන් කළාය.
පසුගිය 30 වනදා පාකිස්ථානයේ Peshawar හී ඉස්ලාම් පල්ලියක සිදු වූ බෝම්බ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව සියය දක්වා ඉහළ ගොස් තිබේ. තවත් පුද්ගලයින් 200 දෙනෙකුට තුවාල සිදු වී ඇති බවද එහි රෝහල ඊයේ (31)ප්‍රකාශ කර ඇත.
More Stories
පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ලොව පුරා රටවල් එක්ව ක්‍රියා කළ යුතුයි – චීන උප ජනපති
චීන-නෙදර්ලන්ත විදේශ ඇමතිවරුන් අතර සාකච්ඡාවක්
හාවර්ඩ් විශ්වවිද්‍යාලයට ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීම අවහිර කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දැඩි තීරණයක්