කොරෝනා වයිරස අවදානම සලකා බලමින් පාකිස්තානය මගින් මිත්‍රත්වය සනිටුහන් කරමින් එවන ලද අඹ පෙට්ටි ගණනාවක් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක්ම පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇත.
පාකිස්තානයේ විදේශ කාර්යාලය පසුගිය සතියේ බදාදා රටවල් 32 කට වැඩි ගණනක නායකයන්ට පලතුරු පෙට්ටි යවා ඇත.
ශ්‍රී ලංකාව මෙන්ම එක්සත් ජනපදය හා චීනය ඇතුළු රටවල් ගණනාවක් ඒවා පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත උපුටා දක්වමින් අයිඑන්අයි (INI) පුවත් සේවය සඳහන් කර තිබේ.
කැනඩාව, නේපාලය, ඊජිප්තුව සහ ශ්‍රී ලංකාව ද මෙම ත්‍යාගය භාර ගැනීම පිළිබඳව කනගාටුව ප්‍රකාශ කර ඇති බවඑම වාර්තාවේ සඳහන් කර ඇත. විදේශීය රටවල් සමග පවතින මිත්‍රත්වය තහවුරු කර ගැනීම සඳහා පකිස්තානය මෙලෙස වරින් වර පලතුරු පෙට්ටි විවිධ රටවලට ත්‍යාග ලෙස එවයි.
පාකිස්ථානය විසින් මෙලෙස අඹ පෙට්ටි ඉරානය, ගල්ෆ් රටවල්, තුර්කිය, එක්සත් රාජධානිය, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ රුසියාව යන රටවලට ද යොමු කර ඇති බව එම පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබේ.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්