අමාත්‍යධුරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරු සහ ඇමති වාසුදේව නානයක්කාර මහතා පාර්ලිමේන්තුවේ අද පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී නොවූහ .
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක( 01) පැවැත්විණි .
විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු හයදෙනා ද අතුරලියේ රතන හිමියෝ ද, ටිරාන් අලස් ගෙවිඳු කුමාරතුංග,ඒ එල් එම් අතාවුල්ලා යන මහත්වරු ද ඊට සහභාගී නොවූහ .
ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අසංක නවරත්න මන්ත්‍රීවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊට සහභාගි වී ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති